ශ්‍රී ලංකාවට ආවේණික නව ඕකිඩ් විශේෂයක් හෝර්ටන් තැන්නෙන්

ශ්‍රී ලංකාවට ආවේණික නව ඕකිඩ් විශේෂයක් සොයා ගැනීමට මෙරට පර්යේෂකයන් කණ්ඩායමක් සමත්ව තිබෙන බව Phytotaxa සඟරාවේ පළ කර තිබේ.ඊට අදාළ පර්යේෂණ පත්‍රිකාවද එම වෙබ් අඩවියෙහි සදහන්ය.

දැනට ලංකාවේ ඕකිඩ් සම්බන්ධයෙන් ආචාර්ය උපාධිය හදාරන චම්පික බණ්ඩාර, ⁣ටිතිර ලක්කන සහ ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ මහාචාර්ය සිසිර එදිරිවීර ඇතුලු කණ්ඩායමක් විසින් මේ නව සොයාගැනීමට මූලිකත්වය ගෙන තිබේ.

වසරේ නොවැම්බර් – දෙසැම්බර් කාලයේදී පමණක් පිපෙන, ඉතාමත් කුඩා ප්‍රමාණයේ මලක් මෙම ඕකිඩ් විශේෂයේ දක්නට ලැබෙන අතර හෝර්ටන් තැන්නෙන් හමුවූ මෙම නව විශේෂය සමග ලංකාවේ Oberonia ඝණයට අයත් විශේෂ ගණන 17 දක්වා වැඩිවූ අතර මේ විශේෂද ඇතුලුව ආවේණික විශේෂ ගණන 11කි

Werzuo Digital

Leave a Reply