මාතර දී මහා මාර්ගය අවහිර කරමින් විරෝධතා දැක්වු පුද්ගලයෙකුට සිරදඬුවම් සහ දඩ

මහා මාර්ගය අවහිර කරමින් විරෝධතා දැක්වු පුද්ගලයෙකුට අධිකරණය විසින් සිරදඬුවම් සහ දඩ නියම කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

අයුතු ජන රාශියක සාමාජිකයෙකු වීම, අයුතු අවහිරය, පොලිස් නිලධාරීන්ට සාපරාධි ලෙස බලහත්කාරය පෑම, රජයේ දේපළ වලට පහරදී අනර්ථය සිදුකිරිම යන චෝදනා වලට වැරදිකරු වූ පුද්ගලයෙකුට බරපතළ වැඩ සහිතව වසර 3 1/2 ක සිර දඬුවමක්, රු. 6000 දඩයක් සහ රු. 50,000ක වන්දියක් ගෙවන ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය අද (06) නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

පසුගිය අප්‍රේල් 22 දින මාතර කොළඹ ප්‍රධාන මාර්ගයේ මහානාම පාලම මත ඉන්ධන ඉල්ලා මාර්ගය හරස් කරමින් විරෝධතාවක් පවතින අතරතුර පොලිසියට හා ත්‍රිරෝද රථයකට පහර දෙන අලාභහානි සිදු කිරීම සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙන බවද පොලිසිය පවසයි.

අයුතු ජන රාශියක සාමාජිකයෙකු වීමේ චෝදනාවට බරපතළ වැඩ සහිතව මාස හයක සිරදඬුවම් සහ රුපියල් 1500ක දඩයක් ද, අයුතු අවහිරය යන චෝදනාවට වසරක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් සහ රුපියල් 1500 දඩයක් ද, පොලිස් නිලධාරීන්ට සාපරාධි ලෙස බලහත්කාරය පෑම චෝදනාවට වසරක සිරදඬුවමක් සහ රුපියල් 1500 දඩයක් ද, රජයේ දේපළ වලට පහරදී අනර්ථය සිදුකිරිම වසරක සිරදඬුවමක් සහ රුපියල් 1500 දඩයක් සහ පොලිසිය සතු ත්‍රිරෝද රථයෙන් සිදුවූ අලාභ හානිය වෙනුවෙන් 50,000ක වන්දියක් ගෙවන ලෙසද අධිකරණය නියෝග කර ඇති බව පොලිසිය පවසයි.

මෙලෙස දඬුවම් නියමව ඇත්තේ මාතර පදිංචි තිස් හැවිරිදි පුද්ගලයෙකුට බවද එහි සදහන්ය.

Werzuo Digital

Leave a Reply