iPhone නිෂ්පාදනය කරනු ලබන “ෆොක්ස්කොන්” සමාගම ඉන්දියාවේ ස්ථාපනය කිරීමට සැලසුම් කළ “චිප් නිෂ්පාදන” කර්මාන්ත ශාලාව පිළිබඳ තීරණය වෙනස් කර ඇති බව වාර්තා වෙයි.
ඉන්දීය කැණීම් ක්ෂේත්‍රයේ දැවැන්ත සමාගමක් වන “වෙඩන්ටා” සමාගම සමග එක්ව එම කර්මාන්ත ශාලාව ගුජරාට් ප්‍රාන්තයේ ස්ථාපනය කිරීමට සැලසුම් කර තිබිණ.
එහි සම්පූර්ණ ආයෝජනය ඩොලර් බිලියන 20කි.
සමහර විචාරකයින් පවසන්නේ තාක්ෂණ ක්ෂේත්‍රයේ ඉන්දියාව බලාපොරොත්තු වූ ඉලක්ක සපුරා ගැනීමට මෙය බාධාවක් විය හැකි බවය.
තායිවානය මූලස්ථානය කරගත් “ෆොක්ස්කොන්” සමාගම පවසන්නේ “වඩා විවිධාංග වූ සංවර්ධන අවස්ථා” සම්බන්ධයෙන් ඔවුන් සොයාබලන බවය.
ඉන්දීය සමාගම සමග සම්පූර්ණ එකඟතාවයකින් තමන් එම ව්‍යාපෘතියෙන් ඉවත් වූ බව පවසන “ෆොක්ස්කොන්” සමාගම ඊට හේතු වූ කරුණු සම්බන්ධයෙන් කිසිවක් හෙළිකර නැත.