ලොව මෝටර් රථයක් අලෙවි කළ වැඩිම මිල ලෙස බෙන්ස් රථයක් ඩොලර් මිලියන 143 කට අලෙවි කෙරේ

මර්සිඩීස් බෙන්ස් සමාගම 300 SLR වර්ගයේ (Mercedes-Benz 300 SLR) මෝටර් රථයක් ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 143 කට අලෙවි කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේය..

ලොව මෝටර් රථයක් අලෙවි කළ වැඩිම මිල ලෙස ඇමෙරිකා ඩොලර් මිලියන 143 ක මෙම මුදල ඉතිහාසයට එක් විය.

මර්සිඩීස් බෙන්ස් කෞතුකාගාරයේදී මැයි 5 වෙනි දින මෙම වෙන්දේසිය පවත්වා ඇත. මර්සිඩීස් බෙන්ස් සමාගම 300 SLR වර්ගයේ මෝටර් රථ නිපදවා ඇත්තේ දෙකක් පමණි.

මැයි 5 වෙනි දින රහසිගතව මෙම වෙන්දේසිය පවත්වා ඇති අතර අලෙවි කර සති දෙකකට පසු මර්සිඩීස් බෙන්ස් සමාගම ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 143 කට 300 SLR වර්ගයේ මෝටර් රථයක් අලෙවි වූ බව නිවේදනය කළේය

Werzuo Digital

Leave a Reply