තරංගාකාර වායුගෝලීය කැළඹීමක් ප්‍රදේශ රැසකට තද වැසි

තරංගාකාර වායුගෝලීය කැලඹීම හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි සහිත කාලගුණ තත්ත්වයේ තාවකාලික වර්ධනය වීමක් අද (14) සිට ඉදිරි දින කිහිපයේ දී බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කලේය.

නැගෙනහිර සහ ඌව පළාත්වලත් මුලතිව්, මාතලේ, පොලොන්නරුව හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වේ.   

යාපනය, වවුනියාව, කිලිනොච්චිය, මන්නාරම, අනුරාධපුර දිස්ත්‍රික්කවලට වැසි වාර කීපයක් ඇති වේ.

සෙසු ප්‍රදේශවලට පස්වරු 1.00 පමණ පසු තද වැසි ඇති විය හැකිය.

නැගෙනහිර, ඌව,බස්නාහිර සබරගමුව පළාත්වලත් නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට මිලි මිටර් 100 ඉක්මවූ තද වැසි ඇති විය හැකියි

Werzuo Digital

Leave a Reply