වලවේ ගඟ පීටාර ගැලිම හේතුවෙන් අද (23) පෙරවරුවේ අම්බලන්තොට ප්‍රදේශයේ ගම්මාන රැසක පහත් බිම් ජලයෙන් යටවී ඇති බව හම්බන්තොට ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි.
අම්බලන්තොට වලවේ ගඟ පිහිටි ගංඉවුර දෙපස පහත් බිම් මෙලෙස ජලයෙන් යටවි ඇත.
බෝලාන දකුණ, මැලේ කොළනිය, වැටිය, පල්ලේරොට, මාමඩල, ජංසගම, වාඳුරුප්ප, ලියන්ගස්තොට, ඇතුළු පහත් බිම් පිහිටි ගම් රැසක ජනතාව ගඟ පිටාර ගැලීමෙන් පීඩාවට පත් වී සිටිති.
අම්බලන්තොට ථෙරපුත්ත ප්‍රාථමික විද්‍යාලයේ ගොඩනැගිලි දෙකක් හා සනීපාරක්ෂක පද්ධතිය මුළුමනින්ම ජලයෙන් යටවී ඇත.
ඒ අනුව ථෙරපුත්ත ජාතික පාසලට පැමිණ සිටි සියළුම පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් ආරක්ෂිතව නිවෙස් වෙත යැවීමට වහා පියවර ගෙන පාසල වසා දමා තිබේ.
අම්බලන්තොට රජයේ රෝහලටද ගංවතුර තර්ජනය එල්ල වීමේ අවදානමක් පවතින බැවින් නේවාසික රෝගීන් හම්බන්තොට මහ රෝහලට මාරුකර යැවීමට පියවර ගැනිමට කටයුතු කරන බවද වාර්තාවේ.
ගඟ ඉහළධාර කොටස් වලට පවතින අධික වැසි හේතුවෙන් උඩවලව ජලාශයේ ජල මට්ටම වේගයෙන් ඉහළ යමින් පවතින නිසා එහි වාන් දොරටු විවෘත කිරිමත් සමග වලවේ ගඟ ජල මට්ටම මෙලෙස සිඝ්‍රයෙන් ඉහළ ගොස් ඇත.