බදුල්ල සිට කන්දේගෙදර ප්රදේශයට වතු සේවකයන් පිරිසක් ප්රවාහනය කරමින් තිබූ පෞද්ගලික බස්රථයක් අද (20) උදෑසන බදුල්ල අලුගොල්ල කොහොවිල කදුර ප්රදේශයේ දී මාර්ගය හරහා පෙරලීයාමෙන් බස්රථයට දැඩි ලෙස අලාභහානි වී එහි ගමන් ගත් වතු සේවකයන් කිසිදු තුවාලයක් නොලබා බේරි ඇතැයි බදුල්ල පොලිසිය පවසයි.
මෙම වතු සේවකයන් පිරිස රැගත් පෞද්ගලික බස්රථය මෙසේ බදුල්ල සිට කන්දේගෙදර දක්වා බදුල්ල අලුගොල්ල හරහා කන්දේගෙදර මාර්ගයේ ධාවනය වෙමින් තිබියදී කොහොවිල කදුර ප්රදේශයේ දී බස්රථයේ හදිසියේ ඇති වූ කාර්මික දෝෂයක් නිසාවෙන් රියදුරු බස්රථය මාර්ගය අසල වේල්ලකට අල්ලා නවතා ගැනිමට යාමේදී මෙසේ බස්රථය මාර්ගය හරහා පෙරලීගොස් ඇති බවත් පොලිසිය පවසයි.
එසේ නොවූයේ නම් බස්රථය අඩි දහසක පමණ ප්රපාතයකට පෙරලී ගොස් විශාල අනතුරක් වීමට ඉඩකඩ තිබිණැයි පොලිසිය පවසයි.
බස්රථය අනතුරට පත්වන අවස්ථාවේ එහි වතු සේවකයන් විස්සකට ආසන්න පිරිසක් සිටි තිබේ.
අනතුර සම්බන්ධයෙන් බදුල්ල පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වාගෙන යනු ලබයි.