අග්බෝට යලිත් වෙඩි තියලා තත්ත්වය බරපතළයි

බඳින තුවක්කුවක් පත්තුවීමෙන් පාදයේ තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි අග්බෝ හස්තියාට අනුරාධපුර තිරප්පනේ ප්‍රදේශයේ දී යලිත් වෙඩි ප්‍රහාරයකට ලක්ව තිබෙන බව වාර්තාවේ.

මීට සතියකට පමණ පෙර එම හස්තියා වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති බවට විශ්වාස කරන බවයි වනජීවි දෙපාර්තමේන්තුව සදහන් කර තිබේ.

හස්තියාගේ තත්ත්වය බරපතළ බව පශු වෛද්‍යවරුන් සඳහන් කර තිබේ.

අග්බෝ හස්තියාගේ සිරුරේ උණ්ඩ පහක් පමණ තිබී ඇති අතර එම තුවාල සදහා වනජීවි දෙපාර්තමේන්තුවේ අනුරාධපුර කලාපය භාර පශු වෛද්‍ය චන්දන ජයසිංහ ඇතුළු කණ්ඩායමක් විසින් ප්‍රතිකාර ආරම්භ කර තිබේ.

විශාල ප්‍රමාණයේ දිගු දළ යුගලයක් සහිත අඩි 10ක් උසැති අග්බෝ පසුගිය ජුනි මාසයේ දී බදින තුවක්කුවක් පත්තුවීමෙන් පාදයකට බරපතළ තුවාල ලබා සිටියදී සොයා ගැනුණා.

Werzuo Digital

Leave a Reply