දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව සහ ඉමදුව අතර කිලෝමීටර් 101 කොටසෙහි නාය ගොස් අවහිර වු මං තිරු හතරේම පස් අද (13) පෙරවරුව වන් විට ඉවත් කර ඇත.
කෙසේ වෙතත් මෙම මාර්ගය තවමත් ගමනාගමනයට විවෘත කර නොමැත.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව සහ ඉමදුව අතර කිලෝමීටර් 101 කොටසෙහි මාර්ගය අසල තිබූ කන්දෙහි මීටර් 70 පමණ උස සහ මීටර් 50 පමණ පලල කොටසක් (11) වන දින රාත්‍රී 8.20 පමණ නාය ගොස් තිබින.
නායයෑමෙන් අධිවේගී මාර්ගයේ මන්තීරු හතරෙහිම මීටර් 60 පමණ ප්‍රදේශයක් පස් මඟින් අවහිර විය.
මෙහිදී විශේෂ කාර්ය බලකායේ සෙබළුන් 6 දෙනෙකු තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබේ.
දිවා රෑ නොබලා පස් ඉවත් කිරිමේ කටයුතුවල මාර්ග සංවර්ධන අධිකාරිය, හමුදා සමාජිකයන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
නාය ස්ථානය ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මඟින් එදිනම රාත්රියේදී සහ ඊයේ පරීක්ෂාවට ලක් කරන ලද අතර අවදානම් තත්ත්වය ඉවත්කර ආරක්ෂාව තහවුරු කිරීමට එම සංවිධානය අවශ්‍ය උපදෙස් අදාල අංශ වෙත ලබාදී ඇත.