අහුන්ගල්ල මුහුදේ දිය නෑමට ගිය තරුණයෙකු අතුරුදහන්

අහුන්ගල්ල ගල්බොක්ක ප්‍රදේශයේදී තරුණයින් තිදෙනෙකු අද (27) දහවල් මුහුදේ දියනාමින් සිටයදි ඉන් එක් තරුණයකු මුහුදේ ගසාගෙන ගොස් අතුරුදන්ව ඇතැයි පොලිසිය පවසයි.

මෙලෙස අතුරුදන්ව ඇත්තේ ඇත්කදුර,ඇල්පිටිය ලිපිනයේ පදිංචි අවුරුදු 23ක තරුණයෙකු බවද පොලිසිය පවසයි.

මේ සම්බන්ධයෙන් අහුන්ගල්ල පොලිසිය විසින් නාවික හමුදාව දැනුවත් කර ඇති අතර මේ වන විටත් අතුරුදහන් පුද්ගලයා සොයා පොලිසිය සහ ප්‍රදේශවාසීන සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

Werzuo Digital

Leave a Reply