14 හැවිරිදි පාසල් සිසුවෙකු ගෙල වැලලාගෙන ජිවිතක්ෂයට

බටපොල දෙල්ගහබැද්ද ප්‍රදේහයේ 14 හැවිරිදි පාසල් සිසුවෙකු ඊයේ (26) රාත්‍රි සිය නිවස තුල ගෙල වැලලාගෙන මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ බටපොල කළ්‍යාණතිස්ස විදුහලේ 09 ශ්‍රේණියේ ඉගෙනුම ලබන 14 හැවිරිදි සිසුවෙකි.

මෙම සිසුවාගේ මව විදේශ ගතව සිටින අතර පියා සහ වැඩිමහල් සහෝදරයා සමග නිවසේ සිට ඇති බවත් සහෝදරයා විසින් බැණ වැදිමනිසා සිත් තැවුලට පත්ව ලිපියක් ලියාතබා නිවසේ බාල්කයක ගෙල වැලලාගෙන ඇති බවත් පොලිසිය පවසයි.

මල්ලි නිවසේ නොමැති නිසා අයියා විසින් සොයා බලනවිට නිවසේ කාමරයක බාල්කයක ගෙල වැලලාගෙන සිටිනු දැක පුඩුවෙන් ගෙල බේරාගෙන බටපොල රෝහලට ගෙනගොස් ඇති අතර එහිදි වෛද්‍යවරයා පරික්ෂා කර බලා මියගොස් ඇති බව පවසා තිබේ.

(ජීවිතය අන්තයටම එපාවි, සියල්ල අත්හැර ජිවිතයෙන් සදාකාලිකවම සමුගන්නට සිතුවිල්ලක් ඔබට මට කිසියම් මොහොතක ඇති වුවහොත්, ජීවිතයට සාර්ථකව මුහුණ දෙන්නට, ජීවිතය ජීවත් කරවන්නට මහත් පිළිසරණක්, දයාබරත්වයේ දෑතක් ඇති බව ඔබ නොදන්නවා ඇත. ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය මෙම සෙනෙහබර දෑත ඔබට දිගුකර ඇත. ඕනෑම ප්‍රශ්නයක්, ගැටලු‍වක් වෙනුවෙන් ඉතාම සාර්ථක උපදෙසක් 1926 දුරකථන අංකයට ඇමතීමෙන් ලබාගත හැකිව ඇත. )

Werzuo Digital

Leave a Reply