මීයන්ගේ සපා කෑමට ලක් වූ ඇමරිකාවේ බිළිදෙකු මරුට

අමෙරිකාවේ මාස 6ක් වයස බිළිදෙකු මීයන් විසින් සපා කෑමෙන් මියගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

නිවසේ නිදා සිටි අතරතුර පනස්වාරයකට වඩා මීයන් විසින් දරුවා සපා කා ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේය.

මීයන්ගේ සපා කෑමට ලක්වූ දරුවාගේ එක් අතක ඇගිල්ලක කොටසක් අතුරුදන් වී ඇති අතර එය මීයන් විසින් විනාශ කර ඇති බවද වාර්තාවේ.

බරපතල තුවාල සහිතව සිටි දරුවාට නිසි පරදි රැකවරණය ලබා නොදීම සහ අපරාධ චෝදනා යටතේ බිළිදාගේ මව පියා සහ ඔවුන් සමඟ නිවසේ ජීවත් වූ ඥාතී කාන්තාවක් ද අත්අඩංගුවට ගෙන ඇති බව එම වාර්තා වැඩිදුරටත් සදහන් කළේය.

Werzuo Digital

Leave a Reply