ජලභීතිකාව වැළඳීමෙන් 12 දෙනෙක් ජීවිතක්ෂයට

ජලභීතිකාව වැලඳීමෙන් මේ වසරේ මේ වන විට රෝගීන් 12 දෙනෙකු මිය ගොස් තිබෙන බව වාර්තාවේ.

මෙලෙස ජලභීතිකාව වැලඳී 8 දෙනෙකුම මිය ගොස් ඇත්තේ නිවෙස්වල ඇති කරන සුනඛයින් සපා කෑමෙන් බව වාර්තාවේ.

මෙරට තුළ වර්ෂයකට ජලභීතිකාවෙන් මිය යන රෝගීන් සංඛ්‍යාව 25 දක්වා අඩු වී තිබුණ ද, අඩු ආදායම්ලාභී සාමාන්‍ය පවුල්වල පුද්ගලයන් සුනඛයින් සපා කෑමෙන් පසු ප්‍රතිකාර ගැනීමට රෝහල් වෙත නොයෑම නිසා මෙම මරණ සංඛ්‍යාව අවම කර ගැනීමට අපොහොසත් වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යශය පවසයි.

ජලභීතිකාව සඳහා වන එන්නත් නොගැනීමෙන් 100%ක් මාරාන්තික වන ජලභීතිකාව සියලු ක්ෂීරපායී සතුන්ගෙන් වැලඳිය හැකි බව ද සෞඛ්‍ය අංශ සඳහන් කරනවා.

මෙරට තුළ වර්ෂයකට 250,000ත්-300,000ත් අතර පුද්ගලයන් සංඛ්‍යාවක් සතුන්ගේ සපා කෑමට ලක් වන බවත් ඉන් 100,000කට පමණ විශාල පිරිවැයක් දරා ප්‍රතිකාර කරන බවයි සෞඛ්‍ය අංශ පවසයි.

Werzuo Digital

Leave a Reply