දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදු වූ රිය අනතුරුවලින් තරුණයෙකු ඇතුළු සිව්දෙනෙක් මිය ගොස් තිබෙන බව පොලිසිය පවසයි.
ඉංගිරිය පොලිස් වසමේ පාදුක්ක දෙස සිට ඉංගිරිය දෙසට ධාවනය වූ යතුරු පැදියක් මාර්ගයේ වම් පස තිබු සංඥා කණුවක ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ.
එම අනතුරින් තුවාල ලැබූ යතුරුපැදිකරු සහ පසුපැදිකරු ඉංගිරිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව පසුපැදිකරු මියගොස් ඇත.
මියගොස් ඇති පුද්ගලයා අවුරුදු 22ක් වන ඉංගිරිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මෘත ශරීරය ඉංගිරිය රෝහලේ තැන්පත් කර ඇති අතර ඉංගිරිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
මේ අතර නාඋල ප්‍රදේශයේදී යතුරුපැදි දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් 27 හැවිරිදි පුද්ගලයෙක් සහ කෝපායි පොලිස් වසමේ යතුරු පැදියක් හා බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් අවුරුදු 49ක පුද්ගලයෙක් ද මිය ගොස් ඇත.
එමෙන්ම අගුණකොළපැලැස්ස ප්‍රදේශයේදී ද පදික කාන්තාවක් මෝටර් රථයක ගැටීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි.
මියගොස් ඇත්තේ අවුරුදු 69ක් වන බරවකුඹුක ප්‍රදේශයේ පදිංචිකාරියකි.
අනතුරු සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.