කන්තලේ පාසලකට වන අලි ප්‍රහාරයක්

කන්තලේ අධ්‍යාපන කලාපයට අයත් සේරැනුවර කොට්ඨාසයේ පිහිටි සෝමපුර ආදර්ශ විද්‍යාලයට වල් අලි කඩා වැදී ප්‍රාථමික පංති පවත්වා ගෙන යනු ලබන ගොඩනැගිල්ලකට පහරදි හානි සිදුකර ඇතැයි සේරැනුවර පොලිසිය පවසයි.

විදුහලේ පළමු, දෙවන හා තෙවන පන්ති කාමර හා ක්‍රීඩා කමරයද මෙලෙස වනසා දමා ඇත.

තුන්සීයකට අධික දරුවන් පිරිසක් ඉගෙනුම ලබන මෙම පාසලේ පන්ති කාමරවල ඇති යකඩ දැල් දොරවල් හා බිත්තිද බිමට පෙරළා දමා ඇත

එම ගොඩනැගිල්ලේ බිත්ති වලට දොරට හා ආරක්ෂිත කම්බි දැලට මෙලෙස හානි කර ඇති අතර මේ හේතුවෙන් සිසුන්ගේ නිර්මාණවලට මෙන්ම සිසුන්ගේ උපකරණ වලටද හානි සිදුවි තිබේ.

හානිවු ගොඩනැගිල්ලේ පංති පවත්වාගෙන යැම අවදානම් බවත් මේ සම්බන්ධයෙන් කලාප අධ්‍යාපන කාර්යාලය හා වන ජිවි දෙපාර්තමේන්තුව දැනුවත් කල බවද විදුහල්පතිවරයා පවසයි.

සෑම දිනකම වාගේ හවස් කාලයේ එන වන අලින් තිහක් හතළිහක් අතර ප්‍රමාණයක් විදුහල් භූමියට කඩා වදින බවට මීට කලින් තෙවතාවක් භූමියට වැදී මහත් වූ විනාශයන් කර ඇති බැවින් පාසල වටා විදුලි වැටක් හෝ ඉදිකර දෙන මෙන් ගම්වාසීහු බලධාරීන්ගෙන් ඉල්ලා ඇත

Werzuo Digital

Leave a Reply