බිමත් රියදුරෙකු කල බිහිසුණු අනතුරකින් එක් අයෙකු මරුට

බීමත් පුද්ගලයෙක් පැදවූ මෝටර් රථයක් වාහන 5ක ගැටීමෙන් බිහිසුණු අනතුරක් සිදුවී තිබෙන පොලිසිය පවසයි.

ඇඹිලිපිටිය ගල්වංගුව ප්‍රදේශයේ දී සිදුවී ඇති එම අනතුරින් 73 හැවිරිදි පුද්ගලයෙක් මියගොස් තවත් 6 දෙනෙක් තුවාල ලබා තිබුණි.

පොලීසිය පැවසුවේ එම මෝටර් රථය, ත්‍රිරෝද රථ 3ක, යතුරුපැදියක සහ තවත් මෝටර් රථයක ගැටී ඇති බවය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසුවේ බීමතින් රිය පැදවූ මෝටර් රථයේ රියදුරු අත්අඩංගුවටගෙන ඇති බවයි.

Werzuo Digital

Leave a Reply