කොග්ගල කලපුවේ නාන්න ගිය අයෙකු අතුරුදහන්

කොග්ගල පාලම අසල මුහුදේ නාමින් සිටියදි අද (30) සවස රල පහරට හසුව ගසාගෙන ගිය පුද්ගලයෙකු අතරුදහන්ව ඇති බව පොලිසිය පවසයි.

තවත් දෙදෙනෙකු බේරාගෙන රෝහල්ගත කර ඇති බවද පොලිසිය පවසයි.

අතුරුදහන්ව ඇත්තේ ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙකු බවද පොලිසිය පවසයි.

ඇඹිලිපිටියේ සිට පැමිණි පිරිසක් කොග්ගල පාලම අසල මුහුදේ නාමින් සිටියදි මෙසේ රල පහරට ගසාගෙන ගොස් ඇත.

පසුව පොලිසිය සහ ප්‍රදේශවාසින් එක්ව දැඩි පරිශ්‍රමයක් දරා බොහෝ වේලාවකට පසු දෙදෙනකු බේරාගෙන ගොඩට ගෙනැවිත් 1990 ගිලන් රථයකින් කරාපිටිය රෝහලට ගෙන ගොස් ඇත.

අතුරුදහන්වු පුද්ගලයා සොයා ගැනිම සඳහා නාවික හමුදාවට දැනුම් දී ඇති අතර පොලිසිය සහ ප්‍රදේශවාසින් එක්ව සෝදිසි මෙහෙයුමක් ක්‍රියාතත්මක කර ඇත.

Werzuo Digital

Leave a Reply