කැබ් රථ අනතුරකින් 15 දෙනෙකු රෝහලට

රාගල – වලපනේ මාර්ගයේ හරස්බැද්ද ප්‍රදේශයේ දී සිදුවු රිය අනතුරකින් පුද්ගලයින් 15 දෙනෙකු තුවාල ලබා තිබෙන බව පොලිසිය පවසයි

වලපනේ ප්‍රදේශයේ කෝවිලක පැවති පූජාවකට සහභාගී වීමට පැමිණි පිරිසක් ආපසු කැබ්රථයකින් යමින් සිටිය දී කැබ් රථයේ ඇන්ද කැඩීයෑමෙන් අනතුර සිදුව ඇති බව අනාවරණය වි ඇතැයි පොලිසිය පවසයි.

එහිදි කැබ් රථයේ ගමන්ගත් පිරිස මාර්ගයට ඇදවැටී ඇති අතර එහිදී තුවාල ලැබු පිරිස වලපනේ හා රිකිල්ලගස්කඩ රෝහල් වෙත ඇතුළත් කළ බව පොලීසිය පවසයි.

ඊයේ (30) සවස එම අනතුර සිදුව ඇති අතර, කැබ් රථයේ රියදුරුව මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇත.

Werzuo Digital

Leave a Reply