ඉන්දුනීසියාවේ ප්‍රබල භූමිකම්පාවක්

ඉන්දුනීසියාවේ බාලි සහ ලොම්බොක් දුපත්වලට උතුරින් වූ ගැඹුරු මුහුදේ අද (29) අලුයම රික්ටර් මාපකයේ මැග්නිටියුඩ් 7.0 ප්‍රබල භූකම්පනයක් හට ගෙන තිබෙන බව ඇමරිකානු භූ විද්‍යා සමික්ෂණ ආයතනය පවසයි.

කෙසේ වෙතත් ඉන්දුනීසියානු අපදා එජන්සිය සහ එක්සත් ජනපද භූ විද්‍යා ඒජන්සි විසින් සුනාමි අවදානමක් නොමැති බව ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

භූමිකම්පාවේ අපකේන්ද්‍රය ඉන්දුනීසියාවේ මාතරම් සිට කිලෝමීටර් 203ක් උතුරින් පොළවේ සිට කිලෝමීටර් 516ක් ඉතා ගැඹුරින් සිදුව ඇති බව ඇමරිකානු භූ විද්‍යා සමික්ෂණ ආයතනය පවසයි.

සිදුවු හානි පිළිබඳ ක්ෂණික වාර්තා නොමැති බවත් භූ කම්පනය ගැඹුරෙන් සිදුව ඇති බැවින් එය විනාශකාරී එකක් නොවන බව ඉන්දුනීසියානු ආපදා ඒජන්සිය වැඩිදුරටත් සදහන් කළේය.

Werzuo Digital

Leave a Reply