ජංගම දුරකථනය කාන්තාවකට මරු කැඳවයි

ජංගම දුරකථනයක් කනේ තබාගෙන දුම්රිය මාර්ගයේ ගමන්කළ කාන්තාවක අද (28) පස්වරුවේ දුම්රියක ගැටී බරපතළ තුවාල ලබා පානදුර මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇතැයි වාර්තාවේ

මියගිය කාන්තාවගේ අනන්‍යතාවය මෙතෙක් හදුනාගෙන නොමැති බවද වාර්තාවේ.

මරදාන සිට අළුත්ගම බලා ධාවනයවූ දුම්රිය පානදුර දුම්රිය ස්ථානයේ සිට පින්වත්ත දක්වා ගමන් කිරීමේදී රාත්‍රි 7.00 ට පමණ මෙම අනතුර සිදුව ඇති බව සදහන් වේ.

මියගිය කාන්තාව එම දුම්රියෙන්ම වාද්දුව දුම්රිය ස්ථානයට රැගෙන ගොස් ඇති බවත්, 1990 සුවසැරියෙන්  පානදුර මූලික රෝහලට රැගෙන ගොස් ඇති බව එම වාර්තා වැඩිදුරටත් සදහන් කළේය.

Werzuo Digital

Leave a Reply