Online වංචා ගැන මහ බැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්

මාර්ගගත (Online) ක්‍රම මඟින් සිදුකරනු ලබන වංචාවන්ගෙන් ප්‍රවේශම් වෙන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව ජනතාවට දැනුම්දී තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් මහ බැංකුව සඳහන් කර ඇත්තේ, වෙහෙස වී උපයා ගත් ධනය තමන්ට අහිමිව යෑමට ඉඩ ඇති බැවින් මෙවැනි වංචාවන් පිළිබඳව විමසිලිමත් වන ලෙසය.

යම් පැහැදිලි කිරීමක් අවශ්‍ය වන්නේ නම් එම ගැටලු cbslgen@cbsl.lk යන ඊමේල් ලිපිනයට යොමුකළ හැකි බව ද මහ බැංකුව දැනුම්දෙයි.

එපමණක් නොව ඇතැම් වංචාකරුවන් ඔවුන්ගේ ප්‍රචාරණ වැඩසටහන් සිදුකරන ආකාරය පිළිබඳව ද මහ බැංකුව ජනතාව දැනුවත් කර තිබේ.

වංචාකරුවන් ඔවුන්ගේ ප්‍රචාරණ වැඩසටහන්වලට ආකර්ෂණය කරගැනිමේ අන්දමේ ප්‍රකාශ නිකුත් කිරීමෙන් ඔවුන් කෙරෙහි විශ්වාසවන්ත බව ඇති කරමින්, ඒ සඳහා පොළඹවා ගන්නා බව මහ බැංකුව පවසයි.

Werzuo Digital

Leave a Reply