ගාල්ල බන්ධනාගාරය තුළ පැතිරිගිය මෙනින්ගොකොකල් මෙනින්ජයිටිස් රෝගී තත්ත්වය මේ වන විට සම්පූර්ණයෙන්ම පාලනය කර ඇති බව ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය සෝමරත්න කෝනාර මහතා පවසයි.
බන්ධනාගාරයෙන් පිටත බාහිර සමාජයෙන් මෙවැනි කිසිදු රෝගියකු වාර්තා වී නොමැති බවත් එම නිසා ජනතාව අනිසි බියක් ඇතිකරගත යුතු නැති බව ඒ මහතා පවසයි.
මේ අතර ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනෙකු මිය යෑම සම්බන්ධ මූලික සාක්ෂි විභාගය ලබන මස 18 වන දා පැවැත්වීමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.
මෙම මරණ දෙක සම්බන්ධයෙන් ගාල්ල පොලිසිය අද (23) අධිකරණයට කරුණු වාර්තා කිරිමෙන් පසු එම මරණ පිළිබඳ පශ්චාත් මරණ පරික්ෂණ පැවැත් වූ අධිකරණ වෛද්‍ය නිලධාරිවරුන්ට 18 වන දා අධිකරණයේ පෙනී සිටින ලෙස සිතාසි නිකුත් කිරිමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා නියෝග කළේය.
බන්ධනාගාරයේ රඳවා සිටියදී ඇති වූ රෝගි තත්ත්වයක් හේතුවෙන් මෙලෙස මිය ගොස් තිබුණේ ගාල්ල මොරගොඩ පදිංචි 23 හැවිරිදි සහ අහංගම ඉඳුරන්නාවිල පදිංචි 31 හැවිරිදි රැඳවියන් දෙදෙනෙකි.
ඔවුන්ගේ පශ්චාත් මරණ පරික්ෂණ කරාපිටිය රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරින් විසින් සිදු කරන ලද අතර එහිදී එම මරණ සම්බන්ධයෙන් විවෘත තින්දු ලබා දී තිබේ.