සඳ මත චන්ද්‍ර යානයක් ගොඩබැස්වූ හතරවන රට බවට ඉන්දියාව පත්වෙයි

සඳ මත චන්ද්‍ර යානයක් ගොඩබැස්වූ සිව් වන රට බවට පත්වීම සඳහා ඉන්දියාව විසින් යවනු ලැබූ චන්ද්‍රයාන් 3 අද (23) ඉන්දීය වෙලාවෙන් සවස 06.0 4ට සඳෙහි දකුණු ධ්‍රැව ප්‍රදේශයට ගොඩබැස තිබේ.

සඳේ මෙතෙක් ගවේෂණයට ලක්නොවූ දකුණු ධ්‍රැව ප්‍රදේශයට ලූනා යානයක් ගොඩබැස්වීමට රුසියාව දැරූ ප්‍රයත්නය අසාර්ථක වී දින කිහිපය ඇතුළත මෙලෙස ඉන්දියාවේ අවස්ථාව උදා වීය.

හින්දි සහ සංස්කෘත භාෂාවලින් සඳ යානය යන අරුත් ඇති චන්ද්‍රයාන්, සඳේ දක්ෂිණ ධ්‍රැවයට ළඟාවීමට දරන ලද උත්සාහය මෙලෙස සාර්ථක විය.

චන්ද්‍රයාන් 2, 2019 වසරේ දැරූ ප්‍රයත්නය අසාර්ථක වූයේ, එය සඳ මතට කඩා වැටීමෙනි.
 
චන්ද්‍රයාන් 3, සඳේ දක්ෂිණ ධ්‍රැවයට සාර්ථක ගොඩබැස්වීමක් සිදුකිරීමට හැකිවුවහොත් ඉන්දියාවට එහි ආවාටවල ද්‍රව අයිස් විශ්ලේෂණයට ඉඩ සැලසෙනු ඇත.

එය සඳේ භූවිද්‍යාත්මක සංයුතිය හඳුනාගැනීමට විශේෂයෙන් වැදගත් බව අභ්‍යවකාශ විද්‍යාඥයෝ පෙන්වා දෙති.

චන්ද්‍රයාන් 3 මෙහෙයුම සාර්ථක කරගැනීම සඳහා ඉන්දියාව පුරා පන්සල්, පල්ලි කෝවිල්වල ආගමික මෙහෙයන් පැවැත්වුනු අතර, පාසල් දරුවෝ ඉන්දීය ධජ ලෙලවමින් චන්ද්‍රයාන් සඳ මත ගොඩබසින සජීවි දර්ශන නැරඹීමට සුදානම්වි සිටියහ.

බ්‍රික්ස් සමුළුවට ගොස් සිටින ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි දකුණු අප්‍රිකාවේ ජොහැනස්බර්ග් නුවර සිට නරඹමින් ජාතිය අමතනු ලැබිය.

Werzuo Digital

Leave a Reply