ත්‍රිකුණාමලය නාවුක හමුදා කඳවුරේ ජැටියක් කඩා වැටී පිරිසක් රෝහලට

ත්‍රිකුණාමලය නාවික හමුදා පාලමේ ජැටියේ කොටසක් කඩා වැටිමෙන් අද (22) පස්වරුවේ වරාය නැරඹිමට පැමිණි පාසල් සිසුවියන් 14 දෙනෙකු තුවාල ලබා ඇතැයි වරාය පොලිසිය පවසයි

තුවාල ලැබු 12 දෙනෙකු නාවික හමුදා රෝහලටත් ⁣සෙසු දෙදෙනා ත්‍රිකුණාමලය රෝහලෙත් ප්‍රතිකාර ලබන බව පොලිසිය පවසයි.

මෙම පිරිස ගල්ගමුවේ සිට සංචාරයකට මෙලෙස පැමිණ ඇති අතර තුවාල ලැබුවන් පාසල් සිසුන් බව වාර්තාවේ

ජැටිය කඩා වැටි පිරිස මුහුදට වැටි ඇති අතර එම ස්ථානය එතරම් නොගැඹුරු නිසා සිදු විමට ගිය විනාශයක් වැලකි ගොස් තිබේ.

තුවාල ලැබුවන්ගේ තත්ත්වය එතරම් බරපතල නොවන බව රෝහල් ආරංචි මාර්ග ප්‍රකාශ කර තිබේ.

Werzuo Digital

Leave a Reply