අගුරුවාතොට මව දැරිය ඝාතනයේ සැකකරුගේ සිරුර බන්ධනාගාරයේ එල්ලෙයි

අගුරුවාතොට, ඌරුතුඩාව ප්‍රදේශයේ දී තරුණ මවක සහ මාස එකොලහක දැරියක ඝාතනය කිරීම සිද්ධියට චෝදනා එල්ලවි කළුතර බන්ධනාගාරයේ රදවා සිටී හිටපු යුධහමුදා සෙබළාගේ සිරුර එහි එල්ලෙමින් තිබියදී අද (22) පස්වරුවේ සොයාගත් බව බව කළුතර උතුර පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ වරකාගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු බව පොලිසිය පවසයි.

සැකකරු අගුරුවාතොට ඌරුතුඩාව ප්‍රදේශයේ පදිංචිව සිටී 24 හැවිරිදි කාන්තාවගේ සහ මාස 11 ක් වයසැති බිළිදියක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් අගුරුවාතොට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රිමාන්ඩ් බන්ධනාගාර ගතකර තිබුණි.

මෘතදේහය පශ්චාත් මරණ පරීක්ෂණය සදහා  කළුතර ශීක්ෂණ රෝහලේ තැන්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් කළුතර උතුර පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වා ගෙනයනු ලබයි.

Werzuo Digital

Leave a Reply