පානීය ජල අවශ්‍යතාවය හදිසි තත්ත්වයක් ලෙස සලකයි

පානීය ජල අවශ්‍යතාවය හදිසි තත්ත්වයක් ලෙස සලකා කටයුතු කිරීමට තීරණය කළ බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

ඒ අනුව හදිසි ක්‍රියාකාරී කමිටුවක් හරහා එකාබද්ධ කඩිනම් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ.

ජලසම්පාදන, වාරිමාර්ග, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ එකාබද්ධව මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කෙරේ.

ඉහත අමාත්‍යංශ තුනේ ලේකම්වරුන්ගෙන් එම කමිටුව සමන්විත වන අතර අදාළ සියලු ආයතනද ඊට සම්බන්ධ කරගැනීමට නියමිතය

Werzuo Digital

Leave a Reply