ගණිත අංශයෙන් දිස්ත්‍රික්කයේ ප්‍රථමයා වු ඉංජිනේරු සිසුවාට ජීවිතය එපා වෙයි

මොරටුව විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලබන සිසුවෙකු කිලිනොච්චිය ප්‍රදේශයේ පිහිටි තම නිවස තුළදී ගෙළ වැළලාගෙන ජීවිතක්ෂයට පත්වී තිබෙන බව පොලිසිය පවසයි.

ඊයේ (19) සිය දිවි නසාගෙන ඇති මෙම සිසුවා 2020 වසරේ උසස් පෙළ විභාගයෙන් ගණිත අංශයෙන් දිස්ත්‍රික් ප්‍රථමයා වූ අයෙකු බවද වාර්තාවේ.

කිලිනොච්චිය, විවේකානන්දනගර් ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි මෙම සරසවි සිසුවා නිවස තුළගෙළ වැළලාගෙන සිටියදී හමුවී ඇති බව පොලිසිය පවසයි.

මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව ඥාතීන් වෙත භාරදී තිබේ. මෙම සිසුවාගේ දෙමව්පියන් දෙදෙනාම ගුරුවරුන් බව ද සඳහන්ය.

පැවති සිත් තැවුලක් හේතුවෙන් ඔහු සියදිවි නසාගන්නට ඇති බවට සැක කෙරෙන අතර නිශ්චිත හේතුවක් මෙතක් අනාවරණ වී නැහැ

(ජීවිතය අන්තයටම එපාවි, සියල්ල අත්හැර ජිවිතයෙන් සදාකාලිකවම සමුගන්නට සිතුවිල්ලක් ඔබට මට කිසියම් මොහොතක ඇති වුවහොත්, ජීවිතයට සාර්ථකව මුහුණ දෙන්නට, ජීවිතය ජීවත් කරවන්නට මහත් පිළිසරණක්, දයාබරත්වයේ දෑතක් ඇති බව ඔබ නොදන්නවා ඇත. ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය මෙම සෙනෙහබර දෑත ඔබට දිගුකර ඇත. ඕනෑම ප්‍රශ්නයක්, ගැටලු‍වක් වෙනුවෙන් ඉතාම සාර්ථක උපදෙසක් 1926 දුරකථන අංකයට ඇමතීමෙන් ලබාගත හැකිව ඇත. )

Werzuo Digital

Leave a Reply