ලබන ඔක්තෝම්බර් 14 වන දා සූර්යග්‍රහණයක් සිදුවීමට නියමිත බව නාසා ආයතනය පවසයි.
එය උතුර, මධ්‍යම සහ දකුණු අමෙරිකාව සහ බටහිර අර්ධගෝලයේ මිලියන සංඛ්‍යාත පිරිසකට වලයාකාර සූර්යග්‍රහණයක් ලෙස දිස්වනු ඇති බව එම ආයතනය පවසයි.
ඒ අනුව, අමෙරිකාවේ ඔරිගන් වෙරළේ සිට නෙවාඩා, උටා, නිව් මෙක්සිකෝව, කැලිෆෝනියා, ඉඩාහෝ, කොලරාඩෝ සහ ඇරිසෝනා හරහා ගල්ෆ් වෙරළ තීර දක්වා දර්ශනය වන අතර, මෙක්සිකෝව, බේලීස්, හොන්ඩුරාස් සහ පැනමාව හරහා මධ්‍යම අමෙරිකාවට එය දර්ශනය වනු ඇති බව එම ආයතනය පවසයි.
එසේම, එය නිකරගුවාවේ සහ කොස්ටරිකාවේ වෙරළට ඔබ්බෙන් විනාඩි පහයි තත්පර 17 ක කාලයක් තුළ සම්පූර්ණයෙන්ම දිස්වනු ඇති බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේය.
කෙසේ වෙතත් මෙය අප්‍රිකානු කලාපයට සහ ශ්‍රී ලංකාව ඇතුළු ආසියානු කලාපයට දිස් නොවන බවද වාර්තාවේ.