ඉහළ ගොස් තිබූ මාළු මිල මේ වන විට විශාල ලෙස පහළ බැස ඇති බව ධීවර සංස්ථාවේ සභාපති ඩී.බී. උපුල් අද (16) ධීවර අමාත්‍යංශයේ දී සඳහන් කර තිබේ.
ඒ අනුව අද වන විට ලින්නන් මාළු මිල රුපියල් 400 – 500ක් වන අතර කෙළවල්ලා රුපියල් 1100 දක්වාද, දැල්ලන් රුපියල් 700 දක්වාද, බලයා රුපියල් 700 දක්වා ද මිල අඩු වී ඇති බව සභාපතිවරයා පැවසුවේය.
පසුගිය කාලයේ කෙළවල්ලා මාළු රුපියල් 2200 ට අධික මුදලට අළෙවි වුණි.
මේ හේතුවෙන් පාරිභෝගික ජනතාව මහත් අපහසුතාවයට පත්ව සිටි අතර වාරකන් කාලය අවසන් වෙමින් පවතින බැවින් මාළු මිල මෙසේ පහත බැස ඇති බව සභාපතිවරයා පැවසුවේය