ලාදුරු රෝගයේ අවදානම වැඩි වෙයි

මේ වසරේ වැඩිම ලාදුරු රෝගීන් සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයේ, මොරටුව ප්‍රදේශයෙන් වාර්තා වී ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි.

එම කාර්යාංශයේ අද (09) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ජාතික රෝහලේ, මධ්‍යම ලාදුරු සායනයේ, ප්‍රධාන වෛද්‍ය නිලධාරී සනත් දීපක මහතා පවසා සිටියේ, මේ වනවිට රෝගීන් 127ක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බවය.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු ප්‍රධාන වෛද්‍ය නිලධාරී සනත් දීපක මහතා,

“ඇත්තටම මේ රෝගය ශරීරගතවෙලා රෝග ලක්ෂණ මතුවෙන්න අවුරුදු 3ක් – 5ක් වගේ යනවා. ඒ නිසා එක පාරට මේ රෝගය මතුවෙන්නේ නෑ. එතනයි ප්‍රශ්නය තියෙන්නේ, අද අපිට වාර්තාවන රෝගියෙක්ට රෝගය ශරීර ගතවෙලා තියෙන්නේ අවුරුදු 3කට 5කට කලින් වෙන්න පුළුවන්. රෝග ලක්ෂණ ඇති වෙලා ඉක්මනින් රෝගීන් අප වෙත එන්නේ නෑ. මේක සැඟවිලා තියෙනවා. ගොඩක් අයගේ ශරීර තුළ අවුරුදු ගණන් මේ රෝග ලක්ෂණ තිබිලා තමයි මේ රෝග ලක්ෂණ මතුවෙන්න ගන්නේ. එ්ක තමා අපිට තියෙන අභියෝගය. නමුත් පරක්කු වෙලා රෝග ලක්ෂණ මතුවුණාට ප්‍රතිකාර කිරීම මඟින් අවුරුද්දක්, මාස 6ක් ඇතුළත මේක සුව කරන්න පුළුවන්. ඒක තමා අපි සතුටු වෙන කාරණය. පාලනය කරන්න අමාරු වෙලා තියෙන්නේ රෝග ලක්ෂණ මතුවෙන්න අවුරුදු ගාණක් යන නිසා.

මේක හිරිවැටුණ පැච් එකක්. හමේ පාට අඩු හිරි වැටීමක් තියෙන පැච් එකක්. මේක වේදනාවක් නෑ. කැසීමක් නෑ. හිරි වැටීමක් විතරයි තියෙන්නේ. මේක නොසලකා එදිනෙදා රාජකාරි කටයුතු කරනවා. මේක මුලිකත්වය දෙන්නේ නෑ මොකද මේක බාධාවක් නෑනේ. කල්පැවතිලා මේක වැඩිවෙලා ඇඟිලි හැලෙන තත්ත්වයට පත්වුණාම තුවාල හොඳවෙන්නේ නැතුව තියෙන කොට මිනිස්සු මේකට ප්‍රතිකාර ගන්න නැඹුරු වෙනවා. එතකොට පරක්කු වැඩියි. එවැනි රෝගීන් වැඩි වශයෙන් මේ රෝගය පතුරවනවා. අන්න ඒකයි ලොකුම ප්‍රශ්නය.”

Werzuo Digital

Leave a Reply