නාඳුනන කුඩා දැරියකගේ සිරුරක් කළුතර වෙරළට ගොඩගසයි

අවුරුදු තුනක් පමණ වයසැති දැරියකගේ මළසිරුරක් අද (27) රාත්‍රි කළුතර උතුර වෙරළ තීරයට ගොඩගසා ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.

මෙසේ ගොඩගසා ඇති මළසිරුරෙහි අනන්‍යතාවය මෙතෙක් තහවුරුව නොමැති බවද පොලිසිය පවසයි.

කළුතර උතුර ප්‍රදේශයේ ධීවර කටයුතු වල යෙදී සිටී ධීවරයකු සිරුර දියමත පාවෙන සිරුර දැක ඇතත් ටෙඩි බෙයා හෝ විශාල බෝනික්කකු යැයි සිතා ගොඩගෙන නොමැති බවද ප්‍රදේශවාසින් පැවසීය.

කළුතර උතුර නාගස්හන්දිය ප්‍රදේශයේ ගල්වැටිය ආසන්නයට සිරුර ගොඩගසා තිබූ අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වා ගෙනයනු ලබයි.

Werzuo Digital

Leave a Reply