පානදුර කෙසෙල්වත්තේ ගුටි කෙළියකින් එක් අයෙකු මරුට

පානදුර කෙසෙල්වත්ත වෙළද සැලක් ඉදිරිපිට  ත්‍රීරා්ද රථ ගාලක මිතුරන් දෙදෙනෙකු අතර  අද (24) සවස ඇතිවූ ගුටි කෙළියකින් පසු එක් අයෙකු රෝහල් ගතකිරීමෙන් පසු මියගොස් ඇති බව පානදුර උතුර පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ පානදුර , කෙසෙල්වත්ත පදිංචි මොහොමඩ් අක්‍රම් නැමැති 46 හැව්රිදි පුද්ගලයකු බව පොලිසිය පවසයි.

ත්‍රීරෝද රථගාලේ ත්‍රීරෝද රථය ගාල් කිරිමට ඉඩ ලබාගැනීම සම්බන්දයෙන් දෙදෙනා අතර ඇතිවූ කතාබහකින් පසු ගැටුමක් දක්වා වර්ධනය වී ගුටි ඇනගෙන මියගිය අය රෝහල් ගතකර ඇති බවත් එහිදී ඔහු මියගොස් ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් පානදුර උතුර පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වාගෙන යනු ලබයි. 

Werzuo Digital

Leave a Reply