පක්ෂියෙකු වු Twitter ලාංඡනය X අකුර ලෙස වෙනස් වෙයි

ප්‍රසිද්ධ සමාජ මාධ්‍ය මෙවලමක් වු ට්විටර් සමාජ මාධ්‍ය ජාලයේ සංකේතය වෙනස් කිරීමට එහි අයිතිකරු එලෝන් මස්ක් තීරණය කර තිබෙන බව එම සමාගම උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඒ අනුව එහි නවතම ලාංඡනය වන්නේ X අකුර ලෙස හඳුන්වාදී තිබේ.

මින් පෙර ට්විටර් සමාජ මාධ්‍ය ජාලයේ නිල ලාංඡනය වූයේ නිල් පැහැති පක්ෂියෙකි.

ට්විටර් සමාගමේ මෙම නව සංශෝධනයත් සමග බොහෝ ගිණුම්වල නිල ලාංඡනය X ලෙස වෙනස් වී තිබේ.

Werzuo Digital

Leave a Reply