තවත් රෝගියෙකු රෝහලේදී සැකසහිත ලෙස මරුට

කැනියුලාවකින් සිදුවූ විෂබීජ ආසාදනයකින් උණ රෝගියෙකු මියයෑමේ පුවතක් පානදුර මූලික රෝහලෙන් ඊයේ (13) වාර්තා වී තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ, ඖෂධ නියාමන අධිකාරියේ කළමනාකාර සහයකවරයෙකි.

උණ රෝගයට ප්‍රතිකාර ගත් රෝගියෙකුට සවිකළ කැනියුලාවකින් සිදුවූ විෂබීජ ආසාදනයකින් ඔහු මියගොස් ඇති බවට වාර්තා වී තිබේ.

ඔහු සති දෙකකට පමණ පෙර උණ වැළඳී ගාල්ල ප්‍රදේශයේ රජයේ රෝහලකට ඇතුළත් කර ඇති අතර එහිදී සවිකළ කැනියුලාව ආසාදනය වී විෂබීජ ශරීරගතවී ඇති බව තවදුරටත් වාර්තා වෙයි.

පසුව පානදුර මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර ඔහු හෘද රෝගියෙකු බැවින් වෙනත් රෝහලකට මාරු කරයැවීමට වෛද්‍යවරුන් උත්සාහ කර තිබේ.

නමුත් එහිදී ඔහු මියගොස් ඇති අතර කැනියුලාවෙන් සිදුවූ විෂබීජ ආසාදනයක් මරණයට හේතු වන්නට ඇතැයි වෛද්‍යවරුන් විශ්වාස කරයි.

Werzuo Digital

Leave a Reply