ගතවූ මාස 6ට Facebook පැමිණිලි 9858ක්

මෙම වසරේ ගත වූ මාස 6ක් ඇතුළත සමාජ මාධ්‍ය හරහා පැමිණිලි 9858ක් ලැබී ඇති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි. 

එහි ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්‍ෂක ඉංජිනේරුවරයෙක් සඳහන් කර සිටියේ, මෙසේ පැමිණිලි කර ඇති පුද්ගලයින්ගෙන් බහුතරයක් කාන්තාවන් බවයි.

එම පැමිණිලිවලින් 2330ක් එනම් මේ අවුරුද්දේ වාර්තා වූ වැඩිම පැමිණිලි සංඛ්‍යාව වාර්තා වී ඇත්තේ මැයි මාසයේදීය. 

තොරතුරු ආරක්‍ෂක ඉංජිනේරුවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ ෆේස් බුක් ගිණුම්වලට අනවසරයෙන් ඇතුළු වී හැක් කිරීම, ව්‍යාජ ෆේස් බුක් ගිණුම් භාවිතය, ඔන්ලයින් හරහා රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කිරීම යනාදිය මෙම පැමිණිලිවලට අයත් බවයි.

Werzuo Digital

Leave a Reply