චීනයේ පෙර පාසලක පිහි ඇණුමකින් 06 ක් මරුට

දකුණු චීනයේ ළදරු පාසලකට අද (10) උදෑසන පුද්ගලයෙකු විසින් එල්ල කල පිහි ප්‍රහාරයකින් පුද්ගලයන් 6 දෙනෙකු මියගොස් එක් අයෙකු තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Guangdong පළාතේ Lianjiang නගරයේ සිදුවූ මාරක සිදුවීමක් සම්බන්ධයෙන් 25 හැවිරිදි පුද්ගලයෙකු රඳවාගෙන ඇති බව ද එරට පොලිසිය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය පවසයි.

මෙම පුද්ගලයා උදේ 7.40 පමණ මෙම පිහි ඇණුම සිදු කර ඇති අතර මෙමගින් එක් ගුරුවරයෙකු, දෙමාපියන් දෙදෙනෙකු සහ දරුවන් තිදෙනෙකු මියගොස් ඇති බව එම වාර්තා වැඩිදුරටත් සදහන් කළේය.

Werzuo Digital

Leave a Reply