ගාල්ලේ, හියාර රක්ෂිතයේ තිබී හමු වූ කෙතල ශාක විශේෂයක් මෙතෙක් ලොව කිසි ම ස්ථානයකින් වාර්තා නොවූ ශ්‍රී ලංකාවට ආවේණික ශාක විශේෂයක් බව පර්යේෂණයකින් තහවුරු කරගෙන තිබේ.
මෙම පර්යේෂණය කළ ඉන්ද්රඛීල මාෙදාළ, මහාචාර්ය දීප්ති යකන්දාවල සහ මහාචාර්ය කපිල යකන්දාවල ඒ පිළිබඳ ජාත්‍යන්තර Phytotaxa නමැති උද්භිද විද්‍යා සඟරාවේ ප්‍රකාශයට පත්කර ඇත.
මේ සොයාගැනීමත් සමග ශ්‍රී ලංකාවෙන් හමුවන කෙතල විශේෂ සංඛ්‍යාව 14ක් දක්වා ඉහළ යන අතර ඉන් විශේෂ 13ක් ම ශ්‍රී ලංකාවට ආවේණික වෙයි.
පර්යේෂකයන් පවසන්නේ මෙම නව කෙතල විශේෂය Lagenandra limbusleviterapertae ලෙස නම් කරන ලද බව යි.
මේ දක්වා ම ගාල්ල හියාරේ ජලාශය ආශ්රිත වනාන්තර ප්‍රදේශයෙන් හැර ලොව වෙනත් කිසි ම ස්ථානයකින් මෙම නව විශේෂය වාර්තා වී නැති බැවින් එම විශේෂය සිංහල භාෂාවෙන් “හියාරේ කෙතල” යනුවෙන් නම් කිරීමටද පර්යේෂකයෝ කටයුතු කළහ.
මීට පෙර මෙම ශාකය හියාරෙන් හමු වී තිබුණ ද එකල එය හඳුනාගෙන තිබුණේ කෙතල වර්ගයක් නොව කෙකටිය වර්ගයක් ලෙස යි.
සජිව විජේවිර