තද සුළඟින් ගාල්ලේ නිවාස රැසකට හානි 

පෙරේදා සහ ඊයේ දින දෙක තුල ඇතිවු තද සුළං සහ වැස්සෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසක 14ක නිවාස 111කට ද ව්‍යාපාරික ස්ථාන දෙකකටද අර්ධ හානි පැමිණ පුද්ගලයින් 280 දෙනෙකු පීඩාවට පත්ව ඇතැයි ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ආපදා සහන සේවා මධ්‍යස්ථානය පවසයි.

රත්ගම, යක්කලමුල්ල, අක්මිමණ, හික්කඩුව, මාදම්පාගම, බෝපෙ පෝද්දල, වැලිවිටිය දිවිතුර, ගෝනාපිනුවල, හබරාදුව, අම්බලන්ගොඩ, බද්දේගම, තවලම, බලපිටිය යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසවල නිවාස දැඩි සුළඟින් මෙසේ හානියට පත්ව ඇති අතර වැඩිම හානි සිදුව ඇත්තේ හබරාදුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ නිවාස වලට වන අතර එම සංඛ්‍යාව 26කි.

ගාල්ල දිස්ත්‍රික් ආපදා සහන සේවා මධ්‍යස්ථානය පැවසුවේ පිඩාවට පත්ව සිටින ජනතාවට සහන සැළසිම සඳහා අවශ්‍ය පියවර ගෙන ඇති බවය.

Werzuo Digital

Leave a Reply