ටයිටැනික් බලන්න ගිය සබ්මැරීනයේ තීරණාත්මක පැය 96 සීමාව අවසන්

අත්ලාන්තික් සාගර පතුලේ පිහිටි ටයිටැනික් නෞකාවේ සුන්බුන් නැරඹීමට ගොස් අතුරුදන් වූ ටයිටන් සබ්මැරීනය සොයා ගැනීම සඳහා සෝදිසි කිරීම් සහ මුදාගැනීමේ මෙහෙයුම් තවමත් ක්‍රියාත්මක වන නමුත් ටයිටන් නෞකාව පැය 96 ක ඔක්සිජන් සීමාව පසුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය

එහි සිටි පස්දෙනා දිවි ගලවා ගත්තේද නැතහොත් ඒ අනුව වායු සැපයුම සංරක්ෂණය කිරීමට පියවර ගත්තේද යන්න තවමත් පැහැදිලි නොමැති බවටයි වාර්තා වන්නේ.

සුප්‍රකට ටයිටැනික් නෞකාවේ සුන්බුන් නැරඹීමට බ්‍රිතාන්‍යයේ හා පාකිස්ථානයේ ප්‍රකෝටිපතියන් තිදෙනෙකුද සහිතව ඕශන් ගේට් සමාගමේ ටයිටන් සබ්මැරීනය සාගර පත්ලේ ගවේෂණය ඇරඹුවේ පසුගිය ඉරිදායි.

ඔවුන්ගේ අපේක්ෂාව වී තිබුණේ එදිනම පස්වරුවේ යළි පැමිණීමටයි.

නමුත් එම සබ්මැරීනය කිසිවෙකුත් නොසිතූ ලෙස සාගර පත්ලේ අතුරුදන් වුණා.

ඒ අනුව සබ්මැරීනය සොයා අත්ලාන්තික් සාගරයේ තවමත් මෙහෙයුම් සිදුකෙරෙන්නේ ලොව සුපතල සෝනා තාක්ශනය ද භාවිතයෙන්.

සාගර පත්ලේ මෙවැනි ශබ්ධ තරංග ග්‍රහනය කර ගැනීමටද මේ වන විට හැකිව තිබේ.

කිසියම් වස්තුවට තදින් පහර දෙන හඩක් තප්පර කිහිපයක විරාම සහිතව එම ශබ්ද තරංගවල අන්තර්ගතයි.

කෙසේ වෙතත් එම ශබ්ද තරන්ග වල මූලාශ්‍රය නිකුත් වන්නේ ටයිටන් සබ්මැරීනයෙන් බවට මෙතෙක් තහවුරු කර නැහැ.

Werzuo Digital

Leave a Reply