මෙරට පාසල් විෂය මාලාවට ජපන් භාෂාව

ජපන් රැකියා වෙළෙඳපොළ ඉලක්ක කරගනිමින් ප්‍රාථමික අංශයේ සිට ජපන් භාෂාව පාසල් විෂය මාලාවට ඇතුළු කිරීමට විශේෂ අවසරයක් හිමිව ඇතැයි කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසයි.

අද (22) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් අමාත්‍යවරයා සඳහන් කර සිටියේ, කැබිනට් මණ්ඩලය හරහා ඒ සඳහා විශේෂ අනුමැතියක් හිමිවු බවය.

ඒ අනුව ඉදිරියේ දී අධ්‍යාපන අමාත්‍යාංශය සමග එක්ව ජපන් භාෂාව දරුවන්ට ඉගැන්වීමට අදාළ කටයුතු මේ වනවිට සුදානම් කරමින් යන බව ද අමාත්‍යවරයා කියා සිටියේය.

අද වනවිට ජපන් වෙළෙඳපොළ ඉලක්ක කරගනිමින් 5000කින් යුත් ජපන් භාෂා පුහුණුලාභීන්ගෙන් සමන්විත සංචිතයක් ආරම්භ කිරීමේ වැඩසටහනක් දියත් කර ඇතැයි ද අමාත්‍යවරයා පැවසීය.

Werzuo Digital

Leave a Reply