ඉන්දියාවෙන් ගාල්ලේ පාසල් 200 කට ස්මාට් පන්ති කාමර

ගාල්ල දිස්ත්‍රික්කයේ පාසල් 200 ක විෂයමාලා මෘදුකාංග සහිත නවීණ පරිගණක විද්‍යාගාර සහ ස්මාර්ට් පුවරු ව්‍යාපෘතිය වේගවත් කිරීම සඳහා ඉන්දීයාව සහ මෙරට අධ්‍යාපන අමාත්‍යංශය රාජ්‍යතාන්ත්‍රික එකඟතාවයකට පැමිණියහ.

ඉන්දියාවේ මහ කොමසාරිස් එච්.ඊ.ගෝපාල් බග්ලේ සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් එම්.එන්.රණසිංහ යන මහත්වරු විසින් මෙම එකඟතාවට පැමිණියහ.

ශ්‍රී ලංකා රජය නියම කරන රාමුවට අනුකූලව ප්‍රසම්පාදන ක්‍රියාවලීන් පෙළගස්වමින්, සටහන් හුවමාරුව ව්‍යාපෘතිය තවදුරටත් විධිමත් කර කඩිනම් කරනු ඇති බවත් ඉන්දීය රජයේ ප්‍රධාන ආධාර හරහා ක්‍රියාත්මක වන ව්‍යාපෘතිය, අඩු වරප්‍රසාද සහිත ප්‍රදේශවල පාසල්වලට යන සිසුන් අතර ඩිජිටල් සාක්ෂරතාව වැඩි දියුණු කිරීම අරමුණු බවත් මෙය ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ ඉන්දීය රජය කරන ප්‍රධාන ව්‍යාපෘති කිහිපයෙන් එකක් බවත් කොළඹ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය පවසයි.

ශ්‍රී ලංකාවට ඉන්දියාවේ සමස්ත සංවර්ධන ආධාර දැනට ඇමරිකානු ඩොලර් බිලියන 5 ක් හෙවත් ඩොලර් කෝටි 500 ක් පමණ වන අතර ඩොලර් මිලියන 600 කට ආසන්න ප්‍රදානයන් එයට ඇතුළත් බවත් දිවයිනේ දිස්ත්‍රික්ක 25 පුරා ප්‍රධාන ව්‍යාපෘති 65 කට ආසන්න ප්‍රමාණයක් දැනටමත් කර ඇති බවත් ප්‍රධාන ව්‍යාපෘති 20කට අධික ප්‍රමාණයක් ක්‍රියාත්මක කිරීමේ විවිධ අදියරවල පවතින බවත් ඉන්දියානු මහ කොමසාරිස් කාර්යලය සඳහන් කරයි.

ඉන්දියානු නිවාස ව්‍යාපෘතිය සහ 1990 සුවසැරිය ගිලන්රථ සේවාව ඉන්දීය රජය විසින් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කරන ලද ප්‍රධාන ප්‍රදාන ව්‍යාපෘති අතර වේ.

මෙම අවස්ථාවට කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය ආචාර්ය රමේෂ් පතිරණ, ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් විනෝද් කේ. ජේකබ් යන මහත්වරු ඇතුළු ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් ද මේ අවස්ථාවට සහභාගී වූහ.

https://www.hcicolombo.gov.in/press?id=eyJpdiI6InJOUGNrK2RrNnQ5SXgwSWx0d0g1Zmc9PSIsInZhbHVlIjoiUjBHcjNZQUtmXC9qVlwvQ1lCT1BpV2x3PT0iLCJtYWMiOiJlNTIwY2MyMzU3ZTY0ZDMyYjgxYWY0NmM0ZGE1MDhmNDQxNGMyYmRmMzhkMGNmZDBhYWRjMzAxNDAwMzkzNmM1In0=

Werzuo Digital

Leave a Reply