මිනුවන්ගොඩ වෙඩි තැබීමක්

මිනුවන්ගොඩ බොරගොඩවත්ත ප්‍රදේශයේදී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනකු තුවාල ලබා ඇති බව ගම්පහ මූලස්ථාන පොලීසිය පවසයි.

ඊයේ (17) රාත්‍රියේ මෙම වෙඩි තැබීම සිදුව ඇති බව පොලිසිය පවසයි.

මෝටර් රථයකින් පැමිණි පිරිසක් යතුරු පැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකුට මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර තිබේ.

වෙඩි වැදීමට ලක්වූ පුද්ගලයන් දෙදෙනා පොලිස් ආරක්ෂාව යටතේ ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහි ප්‍රතිකාර ලබන බවද පොලීසිය පවසයි.

Werzuo Digital

Leave a Reply