තඹුත්තේගම රජයේ රෝහලේ සේවය කළ 35 හැවිරිදි විවාහක වෛද්‍යවරයකු සිය නිල නිවසේදි අභිරහස් ලෙස මිය ගොස් ඇතැයි තඹුත්තේගම පොලිසිය පවසයි.
මෙසේ මිය ගොස් ඇත්තේ තඹුත්තේගම රෝහලේ වකුගඩු ඒකකයේ සේවය කළ නාරම්මල ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි වෛද්‍යවරයෙකු බවද පොලිසිය පවසයි.
මෙම වෛද්‍යවරයා දින තුනක පමණ කාලයක් සේවයට නොපැමිනිමේ හේතුවෙන් රෝහල් සේවකයකු වෛද්‍යවරයාගේ නිවසට පැමිණ සෝදිසි කිරිමේදි වෛද්‍යවරයා නිල නිවාසේ පිහිටි කාමරයේ මිය ගොස් සිටි බව පොලිසිය පවසයි.
මියගිය වෛද්‍යවරයා සිය නිල නිවසේ තනිව ජිවත්වු බව පොලිසිය පවසයි.
ඔහු මිට දින දෙක තුනකට පමණ මිය යන්නට ඇති බව පොලිසිය සැකපල කරන අතර සිද්ධිය සම්බන්ධයෙන් තබුත්තේගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යනු ලබයි.