සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රසිද්ධ වෙබ් අඩවියක් වන Tripadvisor විසින් ශ්‍රී ලංකාවේ මිරිස්ස වෙරළ තීරය ආසියාවේ හොඳම වෙරළ තීර අතර සිව් වැනි තැනට තෝරාගෙන තිබේ.
සංචාරක ක්ෂේත්‍රයේ වෙබ් අඩවියක් වන Tripadvisor විසින් පසුගිය මාස 12ක කාලයක් තුළ සිය පාඨකයන් සමඟ එක්ව ආසියාවේ හොඳම වෙරළ තීර සම්බන්ධව සමීක්ෂණයක් සිදුකර තිබේ
එහිදී ඉන්දියාව, ජපානය, තායිලන්තය, වියට්නාමය, දකුණු කොරියාව මෙන්ම ශ්‍රී ලංකාවේ වෙරළ කලාපද මෙම සමීක්ෂණය සඳහා යොදාගෙන ඇත
මේ වසරේ ජයග්‍රාහී වෙරළ තීරයන් තෝරා ගැනීම සඳහා රන්වන්වැලි තීර, රළු වෙරළ තීරයන්, පැහැදිලි නිල් ජලය යන නිර්නායකයන් යොදා ගෙන ඇත.
ඒ අනුව ඉන්දියාවේ හැව්ලොක් දූපත රාධනගර් වෙරළ ආසියාවේ අංක එකේ වෙරළ තීරය ලෙස තේරී ඇති අතර, දෙවැනි තැන ඉන්දුනීසියාවේ නුසා පෙනිඩා හී කෙලින්කිං වෙරළත් තුන්වැන්න ලෙස ඉන්දියාවේම බෙනෝලිම් හී වෙරළ හිමි කරගෙන ඇති බව මෙම වෙබ් අඩවිය වාර්තා කර ඇත.
මෙහි විශේෂත්වය වන්නේ සෙසු රටවල වෙරළ පරාජය කරමින් ශ්‍රී ලංකාවේ මිරිස්ස වෙරළ ආසියාවේ හොඳම වෙරළ අතර සිව්වන ස්ථානය හිමිකර ගැනීමයි.
සංචාරක ව්‍යාපාරයට සම්බන්ධ පිරිස් පෙන්වා දෙන්නේ මේ තේරීම මෙරට සංචාරක ව්‍යාපාරයට වාසිදායක් ලෙස ප්‍රවර්ධනය කළ හැකි විශේෂ අවස්ථාවක් බවයි.
https://www.tripadvisor.com/TravelersChoice-Beaches-cTop-g2#filters-area