කතරගම වන්දනාවට පාද යාත්‍රාවේ පැමිණෙමින් සිටි පුද්ගලයකුට අද (13) සවස වන අලියෙකු පහරදීමෙන් පුද්ගලයෙකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි
කතරගම සිට කිලෝමීටර් 45 පමණ දුරින් පිහිටි ලිං තුන ප්‍රදේශයේදී වන අලියා පහරදී තිබේ.
පොලිස් නිළධාරීන්, කතරගම වනජීවී නිලධාරීන්, කතරගම හදිසි මරණ පරීක්ෂකවරායා ඇතුලු කණ්ඩායමක් එම ස්ථානයට පිටව ගොස් ඇත.
මියගිය පුද්ගලයාගේ තොරතුරු මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් කතරගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වා ගෙන යනු ලබයි