අම්බලන්තොට වලවේ ගඟේ බැසිමට ගිය කාන්තාවක් අද (12) සවස කිඹුල් ප්රහාරයකට ලක්ව මියගොස් ඇති බව පොලීසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ අම්බලන්තොට පදිංචි 73 හැවිරිදි විශ්රාමික ගුරුවරියකි.
මියගිය කාන්තාව වලවේ ගඟට බැසීමට යාමේදී අසල සිටි කිඹුලෙකු ඇයට පහර දී ගඟට ඇදගෙන යන අවස්ථාවේ ප්රදේශවාසීන් ඒ බව දැක කිඹුලාට පහරදී කාන්තාව බේරාගෙන තිබේ.
ඒ වන විටත් ඇය මියගොස් සිට ඇති අතර ඇගේ පාදයක් ද කිඹුලා විසින් ඩැහැගෙන ගොස් ඇති බව අනාවරණය වේ.