ගම්පොළ භූමිකම්පාවක්

ගම්පොළ ප්‍රදේශයේ ඊයේ (05) රාත්‍රී භූකම්පනයක් සිදුව තිබෙන බව භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශය පවසයි.

රාත්‍රී 10.49ට පමණ මෙම භූකම්පනය සිදුව ඇති බවද භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශය සඳහන් කළේය.

රික්ටර් මාපක 2ක පමණ සුළු භූකම්පනයක් මෙලෙස සිදුව ඇති අතර එය කම්පන මාපකවල සටහන්ව ඇති බව ද එම කාර්යාංශය සඳහන් කළේය.

මහකනදරාව, හක්මන, පල්ලෙකැලේ, බුද්ධංගල යන මාපකවල මෙය සටහන්ව තිබේ.

මෙහි කේන්ද්‍රය ලෙස පුපුරැස්ස ප්‍රදේශය හඳුනාගෙන ඇති බව ද භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණිම් කාර්යාංශය පැවසීය

Werzuo Digital

Leave a Reply