වලසකුගේ දරුණු ප්රහාරයකට ලක් වූ සිවිල් ආරක්ෂක භටයකු පෙරේදා (07) අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව තන්තිරිමලේ පොලිසිය පවසයි.
මෙලෙස වලස් ප්රහාරයට ලක්ව ඇත්තේ තන්තිරිමලය, රුවන්පුර පදිංචි කටුපොත සිවිල් ආරක්ෂක බළකා මුර පොළට අනුයුක්තව සේවය කළ 45 හැවිරිදි සිවිල් ආරක්ෂක භටයෙකි.
පෙරේදා (07) සවස තන්තිරිමලේ කටුපොත කුඹුරු යාය ආසන්නයේ කැලෑබද කොටසට ගොස් සිටියදී මෙම ප්රහාරය එල්ල වී ඇති බව පොලිසිය පවසයි.
වලස් ප්රහාරය එල්ල වීම හේතුවෙන් එම සිවිල් ආරක්ෂක භටයාගේ මුහුණට සහ ශරීරයේ ඉදිරිපස දෙසට බරපතළ තුවාල සිදුව ඇති බවද පොලිසිය සඳහන් කළේය.
අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු දැඩි සත්කාරයේ ඒකකයට ඔහු ඇතුළත් කර තිබේ
සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.