දෙමටගොඩ ධාවනාගාරයේ නවතා තිබූ දුම්රියකින් ඩීසල් ලීටර 70ක් සොරකම් කළ සැකකරුවන් දෙදෙනෙකු අල්ලා නීතිමය පියවර ගැනීම සඳහා දෙමටගොඩ පොලිසියට භාර දුන් බව දුම්රිය ආරක්ෂක අධිකාරිය පවසයි.
ලඳ තොරතුරක් මත දුම්රිය අංගණයේ ගාල්කර තිබූ දුම්රියෙන් ඉකුත් 04 වැනිදා ඩීසල් සොරකම් කරන අවස්ථාවේදී මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා වැඩිදුර පරීක්ෂණ සඳහා දෙමටගොඩ පොලිසියට භාර දී තිබේ.
දුම්රිය ආරක්ෂක අධිකාරි කාර්යාලයේ මාළිගාවත්ත සේවා ස්ථානයේ නිලධාරින් මේ වැටලීම කර තිබේ.