Whatsapp හඳුන්වාදුන් නව විශේෂාංග 03

මෙටා ආයතනය සතුව පවතින වට්සැප් (Whatsapp) විසින් පරිශීලකයින්ට නව විශේෂාංග තුනක් හඳුන්වා දී තිබේ

ඒ අනුව මෙම නව විශේෂාංග තුන වන්නේ ඡන්ද විමසීම් (Polls), සිරස්තල සහිත මාධ්‍ය නිකුත් කිරීම (Forward media with caption) සහ සිරස්තල සහිත ලේඛන (Documents with captions) යි.

මේ වන විට ගෝලීය වශයෙන් මෙම පහසුකම ලබා දීමට මෙටා ආයතනය කටයුතු කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

එමෙන්ම මෙහි නවතම අනුවාදයක් ස්ථාපිත කළද, මෙම විශේෂාංග සෑම කෙනෙකුටම ලබා ගැනීමට යම් කාලයක් ගත විය හැකි බව එහි සඳහන් වේ.

ඒ අනුව හඳුන්වා දුන් නව විශේෂාංග වන්නේ

  • Polls – තනි-ඡන්ද ගණනය කළ හැකි විකල්පයක්.

මේ හරහා යම් කරුණු වලට අදාළව නිශ්චිත පිළිතුරක් ලබා ගැනීමේ හැකියාව ලැබෙන බවද සඳහන් වනවා.

  • Forward media with caption – මෙම නව විශේෂාංගය හරහා සිරස්තලයක් සමඟ තොරතුරු වට්සැප් සඳහා නිකුත් කළ හැකිවේ.

මෙයට ඡායාරූප, වීඩියෝ සහ GIF ඇතුළත් වේ.

  • Documents with captions – පරිශීලකයින්ට තමන් වෙත ලැබුණු ලේඛනයක් සොයා ගැනීම පහසු කරවීම සඳහා ශීර්ෂ පාඨ සමඟ ලේඛන ඉදිරිපත් කළ හැකිවීම විශේෂත්වයකි
Werzuo Digital

Leave a Reply